Our Team

A Message From Our Founder

Three decades of dedication, in his own words.

Mr. Padmasiri Jayaweerage

Mr. Padmasiri Jayaweerage

Founder, Chillies Spice Village

ආයුබෝවන්...ඔබට ඉස්සෙල්ලාම ස්තුති කරන්න ඕනේ චිලීස් හි අපි ගැන දැක්වූ උනන්දුවට. අවසානයේ ඔබ හරිම තැනට පැමිණ සිටිනවා. කුළුබඩු සම්බන්ධයෙන් හරිම දේ හරිම විදිහට දෙන්න අප තරම් කැපවීමෙන් වැඩ කරන තවත් අය ඉන්නවද කියා අවසානයේ ඔබට සිතේවි. දැනේවි. ඒක වචන හරඹයක් නෙවෙයි. විශාල ක්‍රියාන්විතයක්.

1994 දී ඉතාම කුඩාවට පටන් ගත්ත අපේ ව්‍යාපාරය ඇත්තටම ආරම්භ කළේ රුපියල් 25ක ප්‍රාග්ධනයකින් කිරිබත්ගොඩ අලුත් හුණුපිටිය පාරේ අඩි දහයයි දහයේ කුඩා කාමරයක තනි මිනිසෙකු ගෙන් බිහි වුණු චිලීස් අද 80කට ආසන්න සේවක මඩුල්ලක් එකම හැඟීමකින් වැඩ කරන ව්‍යාපාරයක්‌. අලෙවි මධ්‍යස්ථාන පහකට අධික තමන්ගේම නිෂ්පාදන මධ්‍යස්ථානයක් සහිත දැවැන්ත ව්‍යාපාරයක්. නිෂ්පාදන ප්‍රමාණය විතරක් එකසිය පනහකට අධිකයි.

ඒ විතරක් නෙමෙයි උත්තර ධ්‍රැවයේ සිට දක්ෂිණ ධ්‍රැවය දක්වා පැතිරී සිටින අපේ දොළොස්දහසකට වඩා වැඩි නිත්‍ය පාරිභෝගික භවතුන් තමයි අපේ චිලීස් ව්‍යාපාරය මේ තත්ත්වයට ගෙනාවේ. අද පරම්පරා තුනක පාරිභෝගික භවතුන් අපිව එක හුස්මට විශ්වාස කරන්නේම අපි පවත්වාගෙන යන "we sell you the quality " කියන වෙනස් වෙන්නේ නැති අපේ ප්‍රතිපත්තියයි.

මුදල් පසෙකලා මිනිසුන් හම්බකල අපි අදටත් භාණ්ඩයක් නිෂ්පාදනය කරන්නේ ඔබ ගැනම සිතුවිල්ලෙන් පමණයි. වසර තිස් දෙකක් තිස්සේ අප දිනා ගත් අපට පිරිනැමූ සම්මාන එක පෙළට අපේ උසස් තත්ත්වය සාක්ෂාත් කරනවා.

එන්න. කතා කරන අතරේම අපි චිලීස් ව්‍යාපාරය හරහා ඇවිදගෙන යමු. ඔබ නොදුටු දේවල් දකීවි. නොඇසූ දේ ඇසේවි. මෙතෙක් රස නොවිඳූ දේ රසවිඳීවි.ඇත්තටම මේ තමයි චිලීස්. අපිත් එක්කම ඉස්සරහට යං ඇත්තටම ස්තුතියි. පින්.

1994Founded
80+Team Members
150+Products Made
12,000+Loyal Customers
The Chillies Spice Village team
Our Team